Lk 6:36-38
36නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් දයාවන්තව සිටපල්ලා. අනුන් විනිශ්චයකිරීම. 37විනිශ්චය නොකරල්ලා, එවිට නුඹලාත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරල්ලා; එවිට නුඹලාත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහැරපල්ලා, එවිට නුඹලාත් මුදාහරිනු ලබන්නහුය. 38දීපල්ලා, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.
Create your
podcast in
minutes
It is Free