Mt 1:16, 18-21, 24a 6යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. 7සාලමොන්ට දාව රෙහොබොවම් උපන්නේය; රෙහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය; 8ආසාට දාව යෙහෝෂාපාත් උපන්නේය; යෙහෝෂාපාත්ට දාව යෝරාම් උපන්නේය; යෝරාම්ට දාව උස්සියා උපන්නේය; 9උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය; 10ආහාස්ට දාව හෙසකියා උපන්නේය; හෙසකියාට දාව මනස්සේ උපන්නේය; මනස්සේට දාව ආමොන් උපන්නේය; ආමොන්ට දාව යොෂියා උපන්නේය; 11බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. 12බබිලෝනියට ගෙනයාමට පසු, යෙකොනියාට දාව ෂෙයල්තියෙල් උපන්නේය; ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් උපන්නේය; 13සෙරුබාබෙල්ට දාව අබියූද් උපන්නේය; අබියූද්ට දාව එලියාකීම් උපන්නේය; එලියාකීම්ට දාව ආශොර් උපන්නේය; 14ආශොර්ට දාව සාදොක් උපන්නේය; සාදොක්ට දාව ආකීම් උපන්නේය; ආකීම්ට දාව එලියූද් උපන්නේය; 15එලියූද්ට දාව එලෙයාසර් උපන්නේය; එලෙයාසර්ට දාව මත්තාන් උපන්නේය; මත්තාන්ට දාව යාකොබ් උපන්නේය; 16යාකොබ්ට දාව මරියාගේ පුරුෂයාවූ යෝසෙප් උපන්නේය; මරියාගෙන් ක්රිස්තුස් නම්වූ යේසුස්වහන්සේ උපන්සේක. 17මෙසේ ආබ්රහම් පටන් දාවිත් දක්වා සියලු පරම්පරා දසසතරක්ය; දාවිත් පටන් බබිලෝනියට ගෙනයාම දක්වා පරම්පරා දසසතරක්ය; බබිලෝනියට ගෙනයාමේ පටන් ක්රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දසසතරක්ය.
Create your
podcast in
minutes
It is Free